පාප්තුමාද කොවිඩ් එන්නත ලබාගැනීම සඳහා සූදානමින්

vacine pope
By Thaya Jan 12, 2021 06:59 PM GMT
Report

වතිකානුව විසින් කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන ලබන සතියේ ආරම්භ කරන බවත්, එම අවස්ථාවේදී තමන් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත ලබා ගැනීමට සූදානම් බවත් පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමා පවසයි.

ඉතාලියේ රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ෆ්‍රැන්සිස් පාප්තුමන් මේ බව ප්‍රකාශ කළේය.

"එන්නත ගැනීම සදාචාරාත්මක යුතුකමක්. මෙහි වතිකානුවේදී අපි ලබන සතියේ එන්නත්කරණය ආරම්භ කරනවා. මමත් එය ගැනීමට සූදානම්ව සිටිනවා." ෆ්‍රැන්සිස් පාප්තුමා සඳහන් කළේය.