පොලිසිය තිබුණේ අපේ පෞද්ගලික ඉඩමේ....මැරකම්,හොරකම්...කප්පම් ගත්තා...ඒවා නැති වූනේ ඊට පස්සේ
Police
By Thaya
"එදා මේ ප්‍රදේශයේ පොලිසියක් තිබ්බේ නැහැ. ඒ නිසා මේ ප්‍රදේශයේ හොරකම්, මැරකම්, මංකොල්ලකෑම් කියාලා හැම ජරා වැඩක්ම සිදු වුනා. ඉතින් අපි ඉල්ලීමක් කළා පොලිස් ස්ථානයක් ලබා දෙන්න කියලා... නමුත් එය එම අවස්ථාවේ සිදු කරන්න බැහැ කියලා කිව්වා. මුලින් පොලිස් මුරපොලක් ස්ථාපිත කරන්නට පුළුවන් නම් ටීක දවසකින් පොලිස් ස්ථානයක් හදල දෙන්නම් කියලා කිව්වා. ඊට පස්සේ අපේ පෞද්ගලික ඉඩමේ තමයි පොලිසිය ස්ථාපිත කලේ. අදටත් අපේ ගෙදරට කියන්නේ පොලිසි වත්ත කියලා." පසුගියදා අපට මොරටුව පැත්තේ පොඩි සංචාරයක් කරන්නට සිදු වුනා. ඒ අවස්ථාවේ දී අපට හැකි වුනා ලීබඩු නිෂ්පාදනය කරන ස්ථානයක් වෙතට යාමට. එහිදී අපට ලැබුණු අත්දැකිමයි ඔබ වෙත ගෙන එන්නේ. වීඩියෝව පහලින් නරඹන්න...