නව කොවිඩ් ප්‍රභේදය අති භයානකයි...මරණ ගණන සීඝ්‍රයෙන් ඉහළට... විශේෂඥයින් අනතුරු අඟවයි.

Covid-19 Colombo Covid Vaccine Briyagama
By Thaya Feb 15, 2021 06:37 PM GMT
Thaya

Thaya

Report

එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයෙන් පළමු වරට වාර්තා වූ B.1.1.7. යන සංකේත නාමයෙන් හඳුන්වනු ලබන නව කොවිඩ් ප්‍රභේදය පෙර වාර්තා වුවාට වඩා භයානක වෛරස් ප්‍රභේදයක් බවට එරට විද්‍යාඥයින් විසින් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා. මෙම වෛරස් ප්‍රභේදය මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් 80 කට ආසන්න සංඛ්‍යාවක ව්‍යාප්තවී ඇති බවට කරුණු තහවුරු වී තිබෙනවා. මෙම වෛරස ප්‍රභේදය අනෙක් කොවිඩ් ප්‍රභේදයන්ට සමගාමිව ව්‍යාප්ත වීමේ හැකියාව සීයයට 79 කින් ඉහළ බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

කෙසේ වුවත් නවතම දත්ත විශ්ලේෂණය අනුව මෙම නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වන පුද්ගලයින් මරණයට පත්වීමේ ප්‍රතිශතය ඉහළ බවයි විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත්තේ. අනෙක් කොරෝනා ප්‍රභේදයන්ට සාපේක්ෂව නව වෛරස් ප්‍රභේදය සීයයට 30 කින් මරණ අනුපාතය ඉහළ අගයක් ගන්නා බවයි බ්‍රිතාන්‍යය විද්‍යාඥයින් විසින් පළකර ඇති නවතම වාර්තාවේ දැක්වෙන්නේ. මෙම නවතම දත්ත බ්‍රිතාන්‍යය රජය විසින් මෙතෙක් නිල වශයෙන් මුදා හැර නොමැති වුවත් ඔවුන්ගේ රජයේ වෙබ් අඩවියේ පළකර තිබෙනවා.