නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රගතිය විමසයි – ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

Report

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය විමසා බැලීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ අනෙකුත් කරුණු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද ( 28) පෙරවරුවේ පැවැත්විණි.

අනාගත දරු පරපුර වෙනුවෙන් සිදු කෙරෙන මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ කිසිදු දේශපාලන අරමුණක් නොමැති බව මෙහිදී අවධාරණය කළ ජනාධිපති ලේකම්වරයා, වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලු පාර්ශ්වවල සහයෝගය අවශ්‍ය බවත් පෙන්වා දුන්හ.

පළමු ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය මෙහිදී විමසා බැලූ ජනාධිපති ලේකම්වරයා, ඒ සම්බන්ධයෙන් දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ අදහස් පිළිබඳව ද අවධානය යොමු කළේය.

ඇවිළුණු මැදපෙරදිග - නවතම තත්ත්වය

ඇවිළුණු මැදපෙරදිග - නවතම තත්ත්වය

2026 වසරේ ඉදිරි කාලය සඳහා වූ වැඩ සැලසුම්, 2027 වසර සඳහා සූදානම් කිරීම්, ජනාධිපතිතුමා සමඟ 2026 ජනවාරි 25 වැනිදා පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය යනාදිය දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

විෂය මාලා සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය, පරිපාලන ප්‍රතිසංස්කරණ, යටිතල පහසුකම්, ඇගයීම් ක්‍රමවේදය හා මහජනතාව දැනුවත් කිරීම යන අංශ වෙනුවෙන් පත් කර ඇති අනුකමිටුවල වත්මන් තත්ත්වය ද මෙහිදී විමසා බැලිණි.

ජාතික, දිස්ත්‍රික් හා ප්‍රදේශීය මට්ටමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට පිහිටුවා ඇති කමිටුවල ප්‍රගතිය මෙන්ම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් ද මෙහිදී පැවැත්විණි.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා ගෙන ඇති තත්ත්ව සහතික කිරීමේ රාමුව පිළිබඳව ද අවධානය යොමු විය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සරත් ආනන්ද, අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්. කේ. එස්. එස්. පෙරේරා, අතිරේක විභාග කොමසාරිස් ජනරාල් තිලක් වත්තුහේවා, ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ඩී.ඒ. ද සිල්වා යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.  

පාසල් සිසුන් ගැන බය හිතෙන අනාවරණයක්

පාසල් සිසුන් ගැන බය හිතෙන අනාවරණයක්