සුකී ගැන ජාතික ලීගය අවධානයෙන්.

By Hashini Sep 14, 2023 11:21 AM GMT
Report

මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකිට අවශ්‍ය ආහාර නොදීම සහ වෛද්‍ය ප්‍රතිකාර නොදීම පිළිබඳව ය නියෝජය කරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය විශේෂ අවධානයකින් පසු වන බව ප්‍රකාශ කරනවා.

මියන්මාර් හමුදාව 2021 වසරේ පෙබරවාරි මාසයේදී පැවතී ප්‍රජාතන්ත්‍රවාදී පාලනය බිඳ හෙළමින් අවුන් සාන් සුකී සිය භාරයට ගෙන රහසිගත ස්ථානයක රඳවා ගෙන සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 78 වන වියේ පසුවන සුකී දත්වල ඇති වූ ආසාදනයක් හේතුවෙන් වමනය සහ ආහාර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය සඳහන් කරන්නේ හමුදා පාලනය සුකීගේ ජීවිතය අනතුරේ හෙලීමේ අරමුණින් යට මෙලෙස සෞඛ්‍යමය ආහාර සහ ඖෂධ ලබා නොදෙන බවයි.