හැමදාම කැමරාව ඉදිරියේ නිරුවත් වෙන කිම්, අමුතු ඇඳුමකින් විලි වසාගෙන (PHOTOS)
By Sewvandhi
විලාසිතා ලෝකයේ ඔස්කාර් රාත්‍රිය ලෙස හැඳින්වෙන මෙට් ගාලා සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ මැයි මාසයේ පළමු සදුදායි. කොරෝනා වසංගතය හේතුවෙන් 2020 වසරේදී නොපැවැත් වූ මෙය වසරක නිවාඩුවකට පසු නැවත 2021 සැප්තැම්බර් මස දෙවැනි සදුදා දිනයේදී නිව්යෝර්ක්හි The metropolitan Museum of Artහිදී පැවැත්වුනා.
මෙවර රතු පලස මතින් චමත්කාරජනක විලාසිතාවන්ගෙන් සැරසුණු තරු බොහොමයක් ගමන් කර තිබුනා. මේ අතරින් කළු පැහැති ඇදුමකින් සිය සුන්දර ශරීරය සම්පූර්ණයෙන්ම වසාගෙන සිටි කිම් කාර්ඩිෂන් කැපී පෙනුනා.
ඇය සිය මුහුණද ආවරණය වන පරිදි අමුතු ආකාරයේ විලාසිතාවකින් පැමිණ තිබු නිසා බොහෝ දෙනෙකුගේ අවධානය ඒ වෙත ගිය බවයි විදෙස් මාධ්‍ය බොහොමයක් සඳහන් කර තිබුනේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |