දුම්රියේ ස්වර්ණමය යුගය අත ළගයි. රේල් බස්රථයේ නිර්මාතෘ යළි දුම්රියට ....
දුම්රිය වෘත්තිය සමිති 26 ක් පී.පී. විජේසේකර මහතා යළි දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරට පත්කරන්න කියා ලිඛිතව ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙන බැවින් එහි ප්‍රතිපලයක් ලෙස හෙට අමාත්‍ය මණ්ඩලට සංදේශය ඉදිරිපත් කිරිමට නියමිත බවද ලොකොමෝටිව් ඔපරේටිං රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.
බොහෝ විට එතුමා දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරට පත්වේයි කියා විශ්වාස කරනවා. .එසේ පත්වුනොත් පරිපාලනයේ තිබෙන අඩුපාඩු ගණනාවක් නිරාවරණය කරන්න කටයුතු සකස්කර තිබෙනවා .දැනට ප්‍රවාහන ඇමතිවරයා ගේ උපදේශක හැටියට කටයුතු කරන විජේසේකර මහතාගේ දක්ෂතාවයන් දැකලා මේ තනතුරට පත්කරන්න අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරන්නේ .පි.පී. විජේසේකර මහතා දුම්රිය සමාන්‍යාධිකාරි තනතුරට පත් කලහොත් දුම්රිය දෙපාර්තුමේන්තුවේ ස්වර්ණමය යුගය බවට පත්වුනු නොඇනුමාන යැයිද දොඩංගොඩ මහතා පවසයි.
එතුමා 2010 වසරේ මහබැංකු වාර්තාවේ සදහන් වනවා දුම්රිය දෙපාර්තුමේන්තුවේ අලාභය සියයට තිස් අටකින් අඩුකර තිබෙනවා. භාණ්ඩ ප්‍රවාහනය ,ඛනිජ තෙල් ප්‍රවාහනය වැනි කටයුතු වලින් දුම්රිය අලාභය අඩුකර තිබෙනවා.
2010 වසරේ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කල පී.පී විජේසේකර මහතා වැඩි කාලයක් දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ කටයුුතු කරන්න සිදුවුයේ නැහැ ඹහු හෙරොක් නොවුනු නිසා .වංචා කාරයෙක් නොවුනු නිසා දුම්රිය දෙපාර්තුමේන්තුවේ එතුමාට වැඩි කාලයක් සේවය කරන්න ලැබුන්නැහැ එතුමාට බොරු චෝදනා කරලා ඒ කාලේ වැඩ නවත්වලා විශ්‍රාම ගැන්වුවා..එතුමා එවකට උසාවි ක්‍රියාමාර්ගයකට ගොස් නිදොස් කොට නිදහස් වී විශ්‍රාම ගියා .එතුමාට රාජකාරි කරන්න ලැබුන්නැහැ. එතුමා තමා රේල් බස් රථයේ නිර්මාතෘ දුම්රිය දෙපාර්තුමේන්තුව සෑදුව එකමදේ රේල් බස් රථයයි. එහි නිර්මාතෘ පි.පී.විජේසේකර මහතායි. එතුමා ඉංජිනේරු වරයෙක් .එතුමා දැවැන්ත තාක්ෂිණික වෙනස් කිරීම් කර ඉවත්කල දුම්රිය ඉංජින් යලි පනගන්වන්න කටයුතු කල අයෙක් .එතුමා ගේ හැකියාව ගැන කියනවානම් පරිපාලන ගැටලු ඇතිවුයේ නැහැ. වස ර 30 කට වැඩි කාලයක් සේවය කලා. යම්කිසි නිලධාරීන් කොටසක් විවිධ ගණුදෙනු කළ නිලධාරීන් පිරිසක් මෙයට විරුද්ධයි කියා දැනගන්න ලැබී තිබෙනවා.ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබදව වහාම සොයා බලන්න කියා යැයිද ඉන්දික දොඩංගොඩ මහතා වැඩිදුරටත් පැවසුවේය.