මාපියන්ට නිදි පෙති පොවා පෙම්වතා නිවසට ගෙන්වා යහන්ගතවූ අතුරුගිරියේ දැරිය
Love
By Thaya
තම මව්පියන්ට නිදි පෙති පෙවෙන්නට සලස්වා රාත්‍රියේ කල් ඇතිව තදට නින්දයාමෙන් පසු නිවසට තරුණයෙකු ගෙන්වාගෙන අඹුසැමි හැසිරීම්හි නිරතවූ බව කියන පාසල් දැරියක සම්බන්ධ සිද්ධියක් අතුරුගිරියෙන් වාර්තා විය.මේ කියන පහළොස් හැවිරිදි පාසල් දැරිය රවටාගෙන ඇති ඇයගේ පෙම්වතා කියන පුද්ගලයා වසර දෙකක පමණක් කාලයක් තිස්සේ දැරියට උපත් පාලන පෙති ලබාගෙන ඔහු සමග අඹුසැමි හැසිරීමෙහි නිරතවන්නට පොළඹවාගෙන තිබූ බව පොලිසිය කළ පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
මේ දෙන්නා අතර සම්බන්ධය ඇතිව තිබෙන්නේ දැරියට වයස 13 දීය. ඇයට ටියුෂන් පංති පමාවීමක් වෙතොත් නිවසට දන්වන්න යයි වැඩිහිටියන් මිලට ගෙන දුන් ජංගම දුරකථනය ඔස්සේ මෙම සම්බන්ධය වර්ධනය වී ඇත.