මැතිවරණය පවත්වන්නෙ මේ දේ සිදුකිරීමෙන් පසුවයි...කොමිසමේ සභාපති කියයි.

Election
By Thaya Dec 29, 2020 08:24 PM GMT
Report

පළාත් සභා මැතිවරණ පනතේ පවතින ගැටලු සඳහා විසඳුම් ලැබීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය තීරණය කරන බව, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ, පනත සම්බන්ධයෙන් පවතින ගැටලු සඳහා පාර්ලිමේන්තුව හරහා විසඳුම් ලැබිය යුතු බවයි.

මේ අතර, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දළ වශයෙන් රුපියල් මිලියන 4000 ක් පමණ වැය වනු ඇතැයි ද, සභාපතිවරයා ප්‍රකාශ කළා.