මැතිවරණ කොමිසම අද යළි රැස්වේ

Election
By Thaya Jan 02, 2021 06:24 AM GMT
Thaya

Thaya

Report

මැතිවරණ කොමිසම අද නැවතත් රැස්වනවා.

එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා කියාසිටියේ ඉදිරි වසරේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවද ඔහු සඳහන් කලා.

ලබන මාසයේ සිට නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම් කටයුතු යළි ආරම්භ කරන බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කලේ.