හදිසියේ හටගත් විශාල ගින්නෙන් සිදුවූ හානිය...ඔබේ නෙතට කඳුලක් ගෙනේවී..

Fire
By Thaya Mar 15, 2021 08:35 PM GMT
Report

කොළඹ, ග්‍රෑන්ඩ්පාස්, කජීමා වත්තේ ඇතිවූ ගින්නකින් නිවාස රැසක් ගිනිගෙන විනාශ වී තිබුණා. ගින්නෙන් එම ප්‍රදේශයේ ඉදිකර තිබූ තාවකාලික නිවාස 50කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී තිබෙන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. පොලීසිය සහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින් එක්ව ගින්න පාලනය කරඇති අතර ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව පොලීසිය පැවසීය. මෙම ගින්න අද අලුයම 2.40ට පමණ හටගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.