ඉදි කිරීම් අවසන් කර මසක් ඉක්ම යන්නටත් පෙර කඩා වැටුණු වේල්ල (VIDEO)

hanwella dam collapsed low level roard polwaththa
By Sewvandhi May 20, 2021 08:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පසුගිය දිනවල ඇදහැලුණු අධික වැස්සත් සමඟ ගංවතුර යළි කාලීන මාතෘකාවක් බවට පත්වුණා. එවන් පසුබිමක ඉදි කිරීම් අවසන් කර මසක් ඉක්ම යන්නටත් මත්තෙන් හංවැල්ල ලෝලෙවල් මාර්ගයේ ගංවතුර පාලනය කිරීමට ඉදි කෙරුණු වේල්ලේ කොටසක් කඩා වැටීමෙන් පුවතක්ද අපට වාර්තා වුණා.

කැලණි ගග පිටාර ගැලීමෙන් ලෝලෙවල් මාර්ගය ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා අතීතයේ සිට හංවැල්ල පොල්වත්ත ප්‍රදේශයේ වේල්ලක් ඉදි කර තිබූ අතර කාලයත් සමග එය විනාශ වී තිබුණා.

රුපියල් මිලියන 40ක පමණ වියදමක් දරා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම නව වේල්ල ඉදි කෙරුණේ ඒ අනුවයි.

එහෙත් නව වේල්ල ඉදි කර මසක් ඉක්ම යන්නටත් මත්තෙන් එහි කොටසක් කැඩී ගොස් ඇත්තේ ඉදිකිරීම් ප්‍රමිතිය පිළිබඳව රටටම පසක් කර දෙමින්.

ජනතාව චෝදනා කරන්නේ නිසි අධීක්ෂණයකින් තොරව වේල්ලේ කටයුතු සිදු කිරීම හේතුවෙන් බැම්ම මෙලෙස කඩා වැටී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now