කවුරුත් බලන් ඉද්දි ප්‍රසිද්ධියේ කපපු කැපිල්ල..(VIDEO)උණුසුම් තත්ත්වයක්..

Public
By Thaya Mar 18, 2021 05:58 PM GMT
Report

බලංගොඩ නගරයේදී වසර 20ක් පමණ පැරැණි විශාල ගසක ඊයේ (17) රාත්‍රීයේ අතු කපමින් සිටි පුද්ගලයෙකුව පොලිස් භාරයටගෙන තිබේ. ඒ නගරයේ අවට වෙළෙඳසැල්වල පිරිස් එහි පැමිණ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයත් සමගය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් බලංගොඩ නගරයේ ඉදිකර තිබෙන වෙළෙඳ සංකීර්ණයේ කුලී පදනම මත සිටින වෙළෙඳසැළක පුද්ගලයෙකු විසින් තවත් අයෙකු යොදවා එලෙස කරඳ ගසක අතු කපා දමා තිබුණි. අදාළ පුද්ගලයා පොලීසියට පවසා ඇත්තේ ගස්වල අතු හේතුවෙන් තම වෙළෙඳසැළ නොපෙනීම නිසා එලෙස අතු කපා දැමූ බවය. බලංගොඩ නගර සභාව විසින් මීට වසර 20කට පමණ පෙර මෙම ගස් පේළිය සිටුවා ඇති අතර අද වනවිට එම ගස් නිසා නගරයට විශාල සෙවණක් සපයන බව අවට වෙළෙඳසැල්වල පිරිස් සඳහන් කරති.