දරුණු නව කොරෝනා වසංගත පාලනය සඳහා රට සම්පූර්ණ ලොක්ඩවුන් කිරීමට තීරණය කරයි.

Lockdown
By Thaya Jan 05, 2021 06:11 PM GMT
Thaya

Thaya

Report

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳුදා රාත්‍රියේ එංගලන්තයට ජාතික වශයෙන් අගුලු දැමීමක් (ලොක්ඩවුන්) නිවේදනය කළේ දින 21ක් ඇතුළත කොරෝනා වෛරස් රෝගවලින් රටේ ජාතික සෞඛ්‍ය සේවය බිඳ වැටීමේ අවදානමක් පවතින බවට ඉහළ වෛද්‍ය උපදේශකයින්ගේ අනතුරු ඇඟවීමකින් පසුවය.

"වෛරසයේ මේ නව ප්‍රභේදය පාලනය කර ගැනීම සඳහා අප තවත් බොහෝ දේ කළ යුතු බව පැහැදිලියි. එයින් අදහස් කරන්නේ රජය නැවත වරක් ඔබට නිවසේ රැඳී සිටින ලෙස උපදෙස් දෙන බවයි" අගමැතිවරයා කීවේය.

අවම වශයෙන් පෙබරවාරි මැද භාගය දක්වා අගුලු දැමීම ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නව ප්‍රභේදය හේතුවෙන් කොරෝනා රෝගීන් රට තුළ ඉහළ යමින් පවතින අතර, සතියකට පෙර සඳුදා එංගලන්තයේ රෝහල්වල කොවිඩ්-19 රෝගීන්ගේ 30%ක වැඩිවීමක් වාර්තා වී තිබේ.

එංගලන්තය මෙසේ සම්පූර්ණයෙන් අගුලු දමන බවට වූ නිවේදනය සඳුදා රාත්‍රියේ පැමිණෙන්නේ එදින උදය කාලයේ ස්කොට්ලන්තය අගුලු දැමීම නිවේදනය කිරීමෙන් පසුවය. එක්සත් රාජධානියේ අනෙක් රටවල් දෙක වන වේල්සය සහ උතුරු අයර්ලන්තය ඒ වනවිටත් වසා දමා තිබුණි.