ළමයා බත් කන්නේ නැහැ, ගෙදරට සර්පයෙක් ආවත් කෝල් කරන්නේ 119ට

Police
By Thaya Mar 17, 2021 07:17 PM GMT
Thaya

Thaya

Report

අංක 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දෛනිකව ලැබෙන දුරකථන ඇමතුම් වලින් හතරෙන් තුනක්ම අනවශ්‍ය දුරකථන ඇමතුම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

” මේ ඇමතුම් අංක ලබාදීලා තිබෙන්නේ හදිසි අවශ්‍යතාවයන් සඳහා පොලිසියට දැනුම් දෙන්න. නිතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතනය පොලිසියයි. නමුත් 119 දුරකථන අංකයට ලැබෙන දුරකථන ඇමතුම් වලින් වැඩි හරියක් එන්නේ අවශ්‍ය ඒවා නෙමෙයි.

සමහර වෙලාවට ළමයි බත් කන්නේ නැහැ කියලා කෝල් කරනවා.. ගෙදරට නයෙක් ආවත් කෝල් කරන්නේ පොලිස් හදීසි ඇමතුම් අංශයට” නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියා.