බුදු හාමුදුරුවන්ද ගංජා පිලිගත්තා.. ආණ්ඩුවට පිලිගන්න බැරි ඇයි..

Religion
By Thaya Jan 19, 2021 04:57 PM GMT
Thaya

Thaya

Report

ඖෂධයක් වශයෙන් කංසා වගාව නීතිගත කල යුතු යයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් අවධාරණය කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ කන්සා ඖෂධීය පැළෑටියක් ලෙස බුදුරජාණන් වහන්සේ ද පිළිගෙන ඇති බවයි.

එසේ නම් ආණ්ඩුවට මෙය පිළිගන්නට බැරි කුමක් නිසා දැයි උන්වහන්සේ ප්‍රශ්න කරති.

මෙම ඖෂධය මගින් ලෙඩුන් සුවපත් කිරීම සඳහා ඉදිරි කාලයේ දී භාවිතා කිරීමට අපේක්ෂා කරන බව ද උන්වහන්සේ කියා සිටියහ.

දේශීය වෙද මහත්තුරුන්ට අවශ්‍ය කන්සා මේ රටේම නිෂ්පාදනය කිරීමට ඉඩ දිය යුතු බවත් පිටරටින් ගෙන්වීමට ඉඩ නොදිය යුතු බවත් උන්වහන්සේ පවසති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ආයුර්වේද වෛද්‍යවරුන් පිරිසක් සමග පැවැත් වූ මාධ්‍ය හමුවකදීය.