පැනගිය ගැහැණු ළමුන් සියල්ල පොලිස් භාරයට..
අද (08) අලුයම පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් කැප්පෙටිපොළ රැඳවුම් මධ්‍යස්ථානයකින් ගැහැණු ළමයින් 09 දෙනෙකු පළාගොස් තිබුණි.
වැලිමඩ පොලිසීය විසින් පසුව ඔවුන් නුවරඑළියේ රැඳී සිටියදී සිය භාරයට ගෙන ඇත.
එම ගැහැණු ළමයින් 09 දෙනා හෙට (09) වැලිමඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.