අපේ රටේ දී අත්අඩංගුවට පත් තායිලන්ත ජාතිකයන්.... හේතුව මෙන්න

Police
By Thaya Mar 08, 2021 05:41 PM GMT
Report

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි තායිලන්ත ජාතිකයන් 8ක් අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ශාන්ත අන්තෝනි මාවත කොළඹ 03 ලිපිනයේ රැදී සිටි මෙම තායිලන්ත ජාතිකයන් අට දෙනා අත්අඩංගුවට ගෙන තිබේ කාන්තාවන් 3ක් හා පිරිමි පුද්ගලයන් 5ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අද දිනයේදි කොටුව මෙහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.