ගිනි අවි සහ උණ්ඩ සමග 3ක් අත්අඩංගුවට

arrest anuradhapura terrorism special fose kegall
By Sewvandhi Apr 18, 2021 02:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුම්වලදී ප්‍රදේශ කිහිපයකින් ගිනි අවි සමග පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් අයෙක් අත්අඩංගුවට පත්වී ඇත්තේ කලුතර කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය මගින් දර්ගා නගරය ප්‍රදේශයේදී කළ මෙහෙයුමකදීයි.

එහිදී රිවොල්වරයක් සහ ඊට යොදන උණ්ඩ 6ක් සමගින් 30 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. එම සැකකරුට එරෙහිව කලුතර සහ මතුගම මහේස්ත්‍රාත් අධිකරණවල පුද්ගල ඝාතන නඩු පවතින අතර එම නඩුවලට අදාළව ඇප ලබා සිටින අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

එමෙන්ම කෑගල්ල ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී ගිනි අවියක් සහ උණ්ඩ 4ක් සමග 28 හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගැනුනා. මේ අතර අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය විසින් තිරප්පනේ ප්‍රදේශයේදී අවුරුදු 40ක සැකකරුවෙකු ද ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් ගිනි අවි ආඥා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන අතර මෙම ගිනි අවි තබාගෙන සිදු කළ අපරාධ සිදුකර ඇත් ද යන්න පිළිබඳව ද විමර්ශණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.