කොල්ලුපිටිය ස්පා වැටලීම - විදේශීය කාන්තාවන් 10ක් අත්අඩංගුවට
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පෙන්වමින් ගණිකා වෘත්තිය සඳහා යොදාගෙන තිබූ පරිශ්‍රයක් කොල්ලුපිටිය පොලිසිය විසින් වැටලීමකදී රටවල් තුනකින් පැමිණි විදේශීය කාන්තාවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරු මත කොල්ලුපිටිය ගාලු පාරේ පිහිටි ස්ථානයකට එල්ල කළ මෙම වැටලීමේදී මෙලෙස සැකකාරියන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ත්අඩංගුවට ගත් කාන්තාවන්ගෙන් එක් අයෙකු සන්තකයෙන් තීරුබදු රහිත සිගරට් ප්‍රමාණයක් ද සොයාගත් බව නිලධාරීන් සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් කාන්තාවන්ගෙන් එක් අයෙකු සන්තකයෙන් තීරුබදු රහිත සිගරට් ප්‍රමාණයක් ද සොයාගත් බව නිලධාරීන් සඳහන් කළේය.
කොල්ලුපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.