රටේම උෂ්ණත්වය ඉහලට - ජනතාවට උපදෙස් මාලාවක්
Weather
By Thaya
ඉදිරි දිනවල රටතුළ උණුසුම් කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ මෙම තත්ත්වය දින කිහිපයක් පවතිනු ඇති බවයි.
උත්සව සමය එළෙඹ ඇති බැවින් මේ වන විට ජනතාව වැඩි වශයෙන් සාප්පු සවාරියේ මෙන්ම භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළෙදසැල්වලට යාම සිදු කරනවා.
එබැවින් පවතින අවධානම් තත්ත්වයත් සමග ජනතාව අනුගමනය කළ යුතු පියවර මොනවාද මුලතිව්, වව්නියා, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවලට අද දිනයේ වැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ