තේ තොග කොළඹට ගෙනඒම අවහිර වෙයි.

Hatton
By Thaya Feb 04, 2021 07:45 PM GMT
Report

තේ වෙන්දේසියේ දී ගැනුම්කරුවන් මිලදීගත් නිමි තේ තොග කොළඹට ප්‍රවාහනය කිරීමේ ගැටලු මතු වී තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ කිහිපයක වතු කම්කරුවන් තේ තොග ලොරි රථවලට පැටවීම ප්‍රතික්ෂේප කිරීම සහ ප්‍රවාහනය අවහිරකිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව අප වාර්තාකරුවන් පැවසීය.

ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම තත්ත්වය ඇතිවී ඇත්තේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් නොවන බවය.

කෙසේවුවද මේ හේතුවෙන් පසුගිය සතියේ අන්තර්ජාලය ඔස්සේ ගැණුම්කරුවන් මිලදීගත් තේ තොග ඔවුන්ට ලබාදීම ප්‍රමාද වී තිබේ.

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප ලෙස රුපියල් 1,000ක් ලබාදීමේ යෝජනාව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අනිද්දා (05) වතුකරය පුරා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වෘත්තීය සමිති සැලසුම්කර තිබේ.

මේ අතර වතු කම්කරු වැටුප ඉහළ නැංවීම සම්බන්ධයෙන් වතු සමාගම් ඉදිරිපත් කරඇති යෝජනා පිළිබඳ එම සමාගම් සහ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් ලබන 08 වනදා පැවැත්වීමට නියමිතය.