උතුරට ආ පෙලපාලියට එරෙහිව මන්නාරමේ සහ වව්නියාවේදී දෙමළ ජනතාව විරෝධතා
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් නැගෙනහිර පලාතේ සිට ආරම්භ කරමින් උතුරට ආ විරෝධතා පෙලපාලියට විරෝධය පලකරමින් වව්නියාවේ සහ මන්නාරමේ වැසියන් පිරිසක් විසින් විරෝධතාවක් අද (07) දින සංවිධානය කොට තිබුණි. මන්නාරම මුරුන්ගන් ප්‍රදේශයේදී (07) දිනද වව්නියාව පැරණි බස්නැවතුම්පල ඉදිරිපිටදී ඊයේ (06) දිනයේද මෙම විරෝධතාවයන් සිවිල් සංවිධානයන් විසින් සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා ප්‍රදේශවාසී ජනතාව සහභාගී වෙමින් විරෝධතා පාගමනට දැඩි ලෙස විරෝධතාය දැක්වූහ එහිදී විරෝධතාවයේ නිරත වූවන් වැඩිදුරටත් කියා සිටියේ, ‘ අම්පාර පොතුවිල් ප්‍රදේශයෙන් පසුගිය 03 වනදා ආරම්භ කොට ඇති රාජ්‍ය විරෝධී පාගමන කිසිදු සාධාරණත්වයක් නොමැති සම්පූරණයෙන්ම දෙමළ දේශපාලනික පක්ෂ වෙනුවෙන් පමණක් සිදු කෙරෙන ජනතාව මුලාවේ දමන පාගමනක් බවටය.
යුද්දය පැවති රටවල් රැසක මානව හිමිකම් කඩවී ඇති අවස්ථාවක ශ්‍රීලංකාවේ යුද අපරාධ සිදු වේයැයි පවසමින් අසරණ ජනතාව බිල්ලට තබා කොටි හිතවාදී දෙමළ ඩයස් ෆෝරාව, දේශපාලන පක්ෂ විසින් වෙනත් අරමුණු සඳහා මෙලෙස විරෝධතා පා ගමන් සිදු කිරීම රටටම සිදු කෙරෙන අගෞරවයක් ලෙසටය. තවද අතුරුදහන් වූවන්ට විසඳුම් ලබාදීම පුරාවිද්‍යා උරුමයන් යැයි පවසමින් දෙමළ ජනතාවගේ ඉඩම් කොල්ලකැම වැනි පාඨයන් පවසා දෙමළ ජනතාව හා අනෙකුත් ජාතීන් අතර ගැටීමක් ඇති කිරීමේ උත්සහයක්ද මෙම පාගමනෙන් සිදුවන අතරම අධිකරණ නියෝගයන්ද කඩ කරමින් යාපනය දිස්ත්‍රීක්කයට ලඟා වීමට නියමිතව ඇති රථ පෙලපාලිය සහ පා ගමන සඳහා උතුරු නැගෙනහිර ජනතාවම හෙලාදැක ඇති බවට විරෝධතාකරුවන් වැඩි දුරටත් පැවසීය.