ටී 56 පතරොම් තොගයක් සහ මැගසිනයක් සමග අපරාධකරුවෙකුගේ සමීපතමයෙක් කොටු
By Kanchana
ටී 56 පතරොම් තොගයක් සහ මැගසිනයක් සමග අපරාධකරුවෙකුගේ සමීපතමයෙක් කොටු විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙක් ටී 56 පතරොම් 54ක් හා මැගසිනයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
අද (06) අලුයම කටුනායක පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේදී කෙහෙල්බද්දර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 25ක් වූ හීනටියන, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු පසුව කටුනායක පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේදී මෙම පතරොම් 54 හා මැගසිනය විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකුට අයත් බවට තොරතුරු අනාවරණය තිබේ.
මේ පිළිබද කටුනායක පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.