යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද

Report

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද (06) ආරම්භ වේ. ඒ අනුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උදෑසන 8.30 සිට පස්වරු 3.00 දක්වා මෙලෙස මහජන අදහස් විමසීම සිදුවනු ඇත.

එහි අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මේ සම්බන්ධයෙන් වාචික අදහස් ලබාගැනීම සිදුකරන බවය.

ලංකාවට නරක ආරංචියක් - සංචාරක පැමිණීම ගැන තිත්ත ඇත්තක් එළියට

ලංකාවට නරක ආරංචියක් - සංචාරක පැමිණීම ගැන තිත්ත ඇත්තක් එළියට

2026 වසරේ 2 වන සහ 3 වන කාර්තු සඳහා නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්ගලික) සමාගම විසින් යෝජිත අතිවිශේෂ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙලෙස මහජන උපදේශනය ලබාගැනීමට කොමිසම තීරණය කර තිබුණි.

සංශෝධිත විදුලි ගාස්තු පිළිබද තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මීට පෙර පැවසීය.

දරුවන්ට සමාජ ජාල තහනම් - රජයෙන් දැඩි තීරණයක්

දරුවන්ට සමාජ ජාල තහනම් - රජයෙන් දැඩි තීරණයක්