වැඩ තහනම් කර මරණයට තල්ලු කළේ කවුද? - රංග රාජපක්ෂ වෙනුවෙන් අජිත් පී පෙරේරා පෙරට

Report

මහා භාණ්ඩාගාරයේ විදේශ සේවා අංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටියදී අභිරහස් ලෙස මරණයට පත්වූ රංග රාජපක්ෂ පිළිබඳව ඊයේ (05) පාර්ලිමේන්තුවේදී දැඩි චෝදනා ඉදිරිපත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළේ, රංග රාජපක්ෂ සැලසුම් අංශයේ ජ්‍යේෂ්ඨ හා දක්ෂ නිලධාරියෙකු වුවද, ඔහු නවයෙන් පත්කළ අංශය සම්බන්ධයෙන් කිසිදු පළපුරුද්දක් නොතිබූ බවයි.

"සීගිරිය කඩලා පෝට් සිටි හදනවා කිව්ව ළදරු'කතා අද කොහේද?" - කෝටි 80ක මූල්‍ය අර්බුදය ගැන නාමල්ගෙන් සැර ප්‍රහාරයක්

"සීගිරිය කඩලා පෝට් සිටි හදනවා කිව්ව ළදරු'කතා අද කොහේද?" - කෝටි 80ක මූල්‍ය අර්බුදය ගැන නාමල්ගෙන් සැර ප්‍රහාරයක්

ඔහු තවදුරටත් කියා සිටියේ, රංග රාජපක්ෂ අවංකව දේශපාලනය කළ අයෙකු වන අතර, ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂය විසින් භාරදුන් වගකීම ඔහු භාරගත් බවයි.

එම සිද්ධියෙන් පසුව ඔහුගේ වැඩ තහනම් කරමින් ඔහු මානසික පීඩනයට ලක් කළේද ඔහු විශ්වාස කළ ආණ්ඩුවම බව මන්ත්‍රීවරයා චෝදනා කළේය. විශ්වවිද්‍යාල සමයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීව සිටි රංග රාජපක්ෂ, පසුව රාජ්‍ය සේවයට එක්වූ පසුද පක්ෂය වෙනුවෙන් විශාල වගකීම් භාරගෙන කැපවී සේවය කළ බවද ඔහු සඳහන් කළේය.

රටම ප්‍රශ්න කළ මුදල් අමාත්‍යාංශ ලේකම් ඇත්තටම ද්විත්ව පුරවැසියෙක්ද නැද්ද? නලින්ද අවසානේ කට අරී

රටම ප්‍රශ්න කළ මුදල් අමාත්‍යාංශ ලේකම් ඇත්තටම ද්විත්ව පුරවැසියෙක්ද නැද්ද? නලින්ද අවසානේ කට අරී

එමෙන්ම, රංග රාජපක්ෂට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරිය හෝ ආණ්ඩුවේ කිසිදු නායකයෙකු සහභාගී නොවූ බවත්, අවම වශයෙන් ශෝක ප්‍රකාශයක්වත් සිදු නොකළ බවත් ඔහු චෝදනා කළේය.

මෙම නිලධාරියා වැරදිකරුවෙකු බව තමන් ප්‍රකාශ නොකරන බව අවධාරණය කළ මන්ත්‍රීවරයා, සගයෙකු අපහසුතාවයට පත්වූ අවස්ථාවල ඔහුට සහාය නොදෙන මැති ඇමතිවරුන් සිටින ආණ්ඩුවක් යටතේ සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට මෙය වැදගත් පාඩමක් විය යුතු බව පැවසීය.

එමෙන්ම, සිය සගයාගේ බණ ගෙදරට හෝ දානයට සහභාගී වී ඔහුගේ පවුලට ශෝකය පළ කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

මෙතන මහා ලොකු හොරකමක් වෙලා තියෙනවා - රටම කතා කළ මහා භාණ්ඩාගාර හොරකමේ සියලු විස්තර හර්ෂ රටටම දිගාරියි

මෙතන මහා ලොකු හොරකමක් වෙලා තියෙනවා - රටම කතා කළ මහා භාණ්ඩාගාර හොරකමේ සියලු විස්තර හර්ෂ රටටම දිගාරියි