මාලයක් සොරාගෙන පළායමින් සිටි සැකකරුවෙකු ඇළකට පැනීමෙන් මරුට

dies suspect
By Thaya Jan 12, 2021 06:59 PM GMT
Thaya

Thaya

Report

ගෙල බැඳි මාලයක් සොරාගෙන පළායමින් සිටි සැකකරුවෙකු හික්කඩුව ප්‍රදේශයේ ඇළකට පැනීමෙන් මියගොස් තිබෙනවා.

අද පෙරවරු 06 යි 45 ට පමණ මීටියාගොඩ මල්වැන්න ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක් අසළදී බලපිටිය රෝහලේ රාජකාරියේ නියුතු 34 හැවිරිදි හෙදියකගේ මාලය සොරාගෙන සැකකරු පළාගොස් තිබෙනවා.

එහිදී ප්‍රදේශවාසීන් ඔහු ලුහුබඳිමින් සිටියදී සැකකරු අසළ තිබූ ඇළකට පැන ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

කෙසේවෙතත් මෙම තැනැත්තා ගොඩට ගෙන හික්කඩුව ආරච්චිකන්ද රෝහළට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේදීත් ඔහු මියගොස් සිට ඇතැයි පොලිසිය ප්‍රකාශ කලා.

30 හැවිරිදි මොහුගේ අනන්‍යතාවය මේ දක්වා හෙළිකරගෙන නොමැති අතර ඔහුගේ වයස අවුරුදු 30 ක් පමණ වන බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.