සුදු ඉරේදිම අවසන් ගමන යැවූ බිහිසුණු අනතුර
By Mithu
පොළොන්නරුව, හබරණ–මඩකලපුව මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.
පොලීසිය සඳහන් කළේ, මඩකලපුව මාර්ගයේ පදික මාරුවකින් ගමන් කළ 60 හැවිරිදි පදිකයෙකු වෑන් රථයක ගැටීම නිසා මෙම අනතුර සිදු වූ බවයි.
බරපතළ තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කළ පසුව එම පදිකයා මියගොස් තිබේ.
අනතුරට සම්බන්ධ වූ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.