එකට කාපු බීපු යාළුවගේ අත්පා කපා මරා දැමූ සැකකරු වෙස් වලාගෙන සිටියදී මාට්ටු

Report

ජාඇල නගරයේ පිහිටි අවන්හලකදී ඇතිවූ බහින්බස් වීමක් සහ එවිට ඇති වූ ගැටුමකදී තියුණු ආයුධයකින් තරුණයකුගේ බෙල්ල, අත් සහ පාද කපා මරා දැමීමේ චෝදනාවට වසරක කාලයක් පොලිසියට කට්ටි පනිමින් සිටි සැකකරු, ඉකුත් (21) දා ත්‍රිකුණාමල පුල්මුඩේ ප්‍රදේශයේ ධීවරයකු මෙන් සැඟව සිටියදී අත්අඩංගුවට ගත්බව ජාඇල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි මන්නාරම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව අනාවරණය වේ. පොලිසිය සඳහන් කරන්නේ, අවුරුද්දකට පමණ පෙර, එම අවන්හලේ සේවය කළ පුද්ගලයන් දෙදෙනා රාජකාරි අවසන් කළ පසු අවන්හල තුළ මත්පැන් බීමෙන් ඇති වූ බහින්බස් වීමක් නිසා එක් අයෙකුගේ ශරීරයට තුවාල සිදු වී, එම සැකකරු පලා ගොස් සිටි බවයි.

ස්මිත්‍රි මන්දනාගේ විවාහය දෙදරයි- හේතුව මෙන්න

ස්මිත්‍රි මන්දනාගේ විවාහය දෙදරයි- හේතුව මෙන්න

දිගින් දිගටම සිදුකල විමර්ශන කටයුතු මත, සැකකරු ත්‍රිකුණාමල ප්‍රදේශයේ මුහුදු රක්ෂාව කරමින් රහසේ ජීවත් වන බව තොරතුරු ලැබී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ ජාඇල පොලිසියේ නිලධාරීන් පිරිසක්, සැකකරු පුල්මුඩේ ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කටුනායක ගුවන්තොටුපළේදී තිත්ත වුණු ‘චොකලට්’

කටුනායක ගුවන්තොටුපළේදී තිත්ත වුණු ‘චොකලට්’