සෝෂල් මීඩියා තහනමකට සැරසෙයි
ළමා ආරක්ෂාව පිළිබඳ ගෝලීය අවධානය වැඩි වීමත් සමඟ, වයස අවුරුදු 16ට අඩු පරිශීලකයින් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට මැලේසියාව එළඹෙන වසරේ සිට සැලසුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව අන්තර්ජාලය හරහා සිදුවන සයිබර් හිරිහැර, මූල්‍ය වංචා සහ ළමා ලිංගික අපයෝජන වැනි හානිකර ක්‍රියාවලින් තරුණයින් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව මත මෙම පියවර ගන්නා බව සන්නිවේදන අමාත්‍ය ෆාහ්මි ෆඩ්සිල් (Fahmi Fadzil) ඊයේ (23) දින සඳහන් කළා.
මේ අතර ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය වේදිකා එළඹෙන මාසයේදී අවුරුදු 16ට අඩු පරිශීලකයින්ගේ ගිණුම් අක්‍රිය කිරීමට සූදානම් වේ.
එබැවින් මෙම පුළුල් තහනම ලොව පුරා නියාමකයින්ගේ දැඩි අවධානයට ලක්ව ඇත.
එසේම මැලේසියාවේ අසල්වැසි ඉන්දුනීසියාවද සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සඳහා අවම වයස් සීමාවක් සැකසීමට සැලසුම් කළත් ඉන් පසුව ඔවුන් සෘණාත්මක අන්තර්ගතයන් පෙරීමට සහ ශක්තිමත් වයස් සත්‍යාපන ක්‍රියාමාර්ග පැනවීමට තාක්ෂණික වේදිකාවලට නියම කරන නියාමනයක් නිකුත් කර තිබුණා.