චීන කතක් සමග සූදු පොලක් වටලයි.
Police
By Thaya
බම්බලපිටිය, ලොරිස් පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි සූදුපොළක් පොලීසිය විසින් වටලා තිබේ. එම සූදුපොළේ සිටි චීන ජාතිකයින් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් අය අතර චීන ජාතික කාන්තාවක් ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි. ඊයේ (06) කොල්ලුපිටිය සහ බම්බලපිටිය පොලිස් ස්ථානවල නිලධාරීන් විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් එම සූදුපොළ වටලා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. අදාළ සූදුපොළේ තිබී රුපියල් 1,088,500 මුදලක් සහ චීන යුවාන් 2600 මුදලක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. අත්අඩංගුවය ගත් සියලුදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කර අතර බම්බලපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.