මව සහ පුතු තියුණු ආයුධ ප්‍රහාරයකින් මරා දැමූ සංවේදි සිදුවීම

Crime Deaths Sooriyawewa
By Sithumi May 04, 2021 01:40 PM GMT
Report

සූරියවැව සමාජසේවාපුරදී පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් තියුණු ආයුධවලින් සිදුවූ පහරදීමකින් 23 හැවිරිදි තරුණයකු මියගොස් තිබේ.

ඔහුගේ මවද ආරවුලේදී බරපතළ තුවාල ලබා හම්බන්තොට රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

සූරියවැව පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් යුවලක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

මියගිය තරුණයා සිය වගාව සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී පහරදීම සිදුකළ යුවලගේ පුත්‍රයා මීට මාස 3කට පෙර මියගොස් ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී මියගිය තරුණයාගේ පාර්ශ්වයෙන් පොලීසියට පැමිණිළි කර තිබුණ ද නිසි විභාගයක් නොවුණු නිසා මෙම අවාසනාවන්ත සිදුවීම ඇතිව තිබෙන බව ප්‍රදේශවාසීන් පවසයි.

සිය පුත්‍රයාගේ තුන්මස් දානය දීමෙන් පසු අදාළ තරුණයාව ඝාතනය කරන බවට මීට පෙර එම යුවල ඔවුන්ට තර්ජනය කර තිබූ බවද මේ වනවිට අනාවණය වී ඇත.