කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතට එරෙහිව විශේෂ පෙත්සමක්
පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද විශේෂ පෙත්සමක් ගොනු කර තිබෙනවා.
එම පෙත්සම ගොනු කරුණු ලැබුවේ නීතිඥ දර්ශන වේරදූවගෙ විසිනි.
මෙම පනත් කෙටුම්පත නිසි ලෙස නීතියක් බවට පත්වීමට නම් පාරිලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් හෝ ජනමත විචාරනයකින් සම්මත විය යුතු බවට ප්‍රකාශ කරන ලෙසට පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි. මෙම පනත් කෙටුම්පතෙහි 6(1) වගන්තිය අනූව වරාය නගරය තුළ සිදුවන ආයෝජන , ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය වරාය නගර ආර්ථික කොමිසම වෙත පමණක් පැවරීමෙන් රටේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථික සුරක්ෂිතතාවයට බරපතළ තර්ජනයක් බව පෙත්සම්කරු පවසා සිටියි.
මෙම පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති මගින් එහි සේවය කරන සේවකයින්ට වීසා නිකුත් කිරීම ඇතුළු අනුමත කිරීම් සිදු කිරීමට මෙම ආර්ථික කොමිසම වෙත බලය හිමි වීම ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව පෙත්සම්කරු තවදුරටත් පවසා සිටියි.
මෙම පනත් කෙටුම්පත පසුගිය මාර්තු මස 23 දා ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කර ඇති බවත් එය පසුගිය අප්‍රේල් මස 8 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් පෙත්සම්කරු පවසා සිටියි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පළාත් සභා වල අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බව පෙත්සම්කරු පවසා සිටියි.