"නාන කාමරයෙන් එක දිගට වතුර ගලන්න ගත්තා" සුපිරි සටන් නළු විල්සන් කරු හදිසියේම රෝහල් ගත කළ හේතුව

Wilson Karu
By Thaya Mar 21, 2021 06:42 PM GMT
Report

සිංහල සිනමාවේ දක්ෂතම සටන් නළුවෙකු වන විල්සන් කරු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.ඔහු මේ වන විට කොළඹ මහ රෝහලේ 43 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.කිරුළපන ප්‍රදේශයේ පිහිටි ඔහු ගේ නිවසේදී ඔහු ඇද වැටීමටකට ලක්ව තිබෙනවා.

අභාග්‍යයකට පැය කිහිපයක් යන තුරු කරූ පිළිබඳ කිසිවකුත් දැනුවත් වී නැහැ.නාන කාමරයෙන් දිගු වේලාවක් තිස්සේ ජලය අඛණ්ඩව ගලාගෙන යනු දැක අසල්වාසීන් ඔහුව රෝහල් ගත කර තිබෙනවා.වින්සන් මහතාට ඉක්මන් සුව පතා බෝධි පූජාවක් මේ මස 21 වන එනම් අද දිනයේ බෙල්ලන්විල විහාරස්ථානයේ පැවැත්වෙන බව සඳහන්ය. එය ඔහුගේ සහෘදයන් වන සුමිත් මුද්දනායක හා ආනන්ද පින්නවලගෙ විසින් සංවිධානය කරනවා.විල්සන් කරූ මහතාට සෙට් පැතීමට කලාකරුවන්ට පැමිණෙන ලෙස මෙම සංවිධායකයින් විවෘත ආරාධනයක් කර තිබෙනවා. ( උපුටා ගැනීම ආනන්ද පද්මසිරි)