ඩිල්ෂාන් ඇතුළු ක්‍රිකට් ප්‍රවීණයින්ගෙන් සුපිරි තරඟයක්.

Cricket
By Thaya Mar 09, 2021 05:12 PM GMT
Report

ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ සිය 3 වන ජයග්‍රහණය වාර්තා කිරීමට තිලකරත්න ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ ජොන්ටි රූඩ්ස් නායකත්වය දැරූ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 89කට සීමා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ පන්දුයවන්නන් සමත් වුණා. ඇන්ඩෲ පුටික් ලකුණු 39 යි. පන්දුයැවීමේදී නුවන් කුලසේකර, රංගන හේරත් සහ සනත් ජයසූරිය කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 13 යි පන්දු දෙකක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් ජයග්‍රාහී ලකුණු සීමාව පසුකර යමින් මෙම තරගය ජය ගත්තා. තිලකරත්න ඩිල්ෂාන් පන්දු 40කදී නොදැවී ලකුණු 50ක් රැස් කළේ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින්. සනත් ජයසූරිය ලකුණු 8කට දැවී ගිය අතර, උපුල් තරංග නොදැවී ලකුණු 27ක් රැස් කළා. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් දෙවැනි ස්ථානය තහවුරු කර ගත්තා.