කොරෝනා නිසා බරපතල තත්ත්වයේ සිටි සුනිල් අයිය දැන් ඉන්න විදිය මෙන්න..
වීම හේතුවෙන් සති තුනකට මදක් වැඩි කලක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසු වූ 'ජිප්සීස්' සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා හෙවත් අපගේ ආදරණීය සුනිල් අයියා සම්පූර්ණ සුවය ලබා ඊයේ සිය නිවසට පැමිණ තිබෙනවා.
කෝවිඩ් වෛරසය හේතුවෙන් බරපතළ ලෙස රෝගාතුර වූ සුනිල් පෙරේරා මේ වන විට ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ඔහුගේ සොයුරු පියල් පෙරේරා අප කළ විමසීමක දී කියා සිටියේ.
කෙසේ වෙතත් ඔහු තවදුරටත් වෛද්‍ය උපදෙස් මත විවේක ගනිමින් සිටින බවත් තවත් සති දෙකක් හෝ තුනක පමණ කාලෙකින් පසු ව සිය සහෝදරයා සම්පූර්ණයෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කළා.
එමෙන්ම ජිප්සීස් නායකයා රෝගාතුර වූ පසු ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සෑම දෙනාට ස්තුති කිරීමටත් පියල් පෙරේරා අමතක කළේ නැහැ.
68 හැවිරිදි වියේ පසුවන 'ජිප්සීස්' නායක සුනිල් පෙරේරා කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කෙරුනේ පසුගිය 10 වැනිදා යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
