අඩු මිලට සීනි ගන්න පුළුවන් තැන් මෙන්න..අනෙක් තැන්වල කිලෝවක් 270ට.

Sri Lanka Sugar Sathosa
By Aruna Aug 31, 2021 01:58 AM GMT
Aruna

Aruna

Report

සතොස අලෙවි සැල් මගින් සීනි කිලෝවක් රුපියල් 130 බැගින් විකිණීම ආරම්භ කර තිබේ.

නමුත් එක් පාරිභෝගික සඳහා ලබා දෙන්නේ එක සීනි කිලෝවක් පමණි.

මේ අතර ප්‍රකට සුපිරි වෙළඳසැල් ජාලයක සීනි කිලෝවක මිල දක්වා තිබෙනුයේ රුපියල් දෙසිය හැත්තෑවක් ලෙසිනි.

මේ අතර සීනි තොග නිසි ලෙස වෙළෙඳපොළට නිකුත් නොකරමින් රට තුළ කෘතිම සීනි හිඟයක් ඇති කරන මාහපරිමාණ ව්‍යාපාරිකයින් ගණනාවක් පිළිබඳ තොරතුරු ඉකුත් දින දෙකේදී අනාවරණය කර ගැනීමට හැකි වුණා.

ඒ අනුව ඊයේ දිනයේදී අහිංසක මිනිසුන් සූරාකෑමේ අරමුණින් සීනි තොග සඟවාගෙන සිටින හැඳල කෙරවලපිටියේ ස්ථානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබුවා.

එහිදී තහවුරු වුයේ පෙරේදා දිනයේදි වත්තල මාබෝල ප්‍රදේශයේදී සොයාගත් බලපත්‍ර නොමැතිව රහසිගතව සගවාගෙන සිටි සීනි මෙට්‍රික්ටොන් 4,800ට හිමිකම් කියන ව්‍යාපාරිකයාට මෙම සීනි ගබඩාවද අයත් බවය.

සිදුකරන ලද ප්‍රශ්න කිරිම්වලදී අනාවරණ වුයේ බලපත්‍රයක් නොමැතිව එම ගබඩාව පවත්වාගෙන යන බවය.

ගබඩාව පරීක්ෂා කිරීමේදී එහි සීනි මෙට්‍රික්ටොන් 4,000ක් රඳවාගෙන සිටින බවට තහවුරු කර ගැනුණි.

පසුව ගබඩාව මුද්‍ර තැබීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් කටයුතු කළේය.

ඒ අතර කිරිබත්ගොඩ, හුණුපිටිය ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන යනු ලබන ගබඩාවකද සීනි මෙට්‍රික්ටොන් 800ක් රඳවාගෙන සිටින බවට ද ඊයේ දිනයේදී අනාවරණ කර ගැනුණා.

ප්‍රශ්න කිරීම් හමුවේ ගබඩාවේ සිටි අයෙකු බලපත්‍ර ඇති බවට ලිපි ලේඛන ඉදිරිපත් කළද එය පරීක්ෂා කිරීමේදී තහවුරු වුයේ සීනි ගබඩා කිරීමට අවසර ලබාගෙන තිබුණේ අද දිනයේදී බවය. ඒ අනුව පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් විසින් ගබඩාවට මුද්‍රා තබනු ලැබීය.

රජය සිය බදු ආදායම ද අත්හරිමින් සීනි කිලෝවක් සඳහා සත 25ක් වැනි අවම බදු මුදලක් යටතේ සීනි ආනයනය කිරීමට මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්ට ලබාදුන් අවස්ථාව අවභාවිත කරමින් කුප්‍රකට ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු එලෙස ආනයනය කළ සීනි තොග සඟවා රට තුළ සීනි හිඟයක් නිර්මාණය කර තිබුණි.

හිත්පිත් නැති මෙම ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ගේ අරමුණ වී තිබුණේ සීනි හිඟයක් ඇතිකර සඟවාගෙන සිටින සීනි තොග කිලෝවකින් රුපියල් 100කට වැඩි අධික ලාභයක් තබා ගනිමින් වෙළෙඳපොළට නිකුත් කිරීමය.

මේ ජාවාරම්කරුවන් පසුගිය දින දෙක තුළදී නීතියේ රැහැනට හසුකර ගත් ඔවුන් සතුව තිබු සමස්ථ සීනි තොගය මෙට්‍රික්ටොන් 5,455කි.

මේ අතර ඊයේ දිනයේදී මුද්‍රා තබන ලද සීදූව බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි සීනි ගබඩාවේ හිමිකරුවන් අද (30) පාරිභෝගික කටයුතු අධිකාරිය හමුවේ පෙනී සිටි තිබුණි.

එහිදී නිලධාරින් අනාවරණ කරගත්තේ මෙම ගබඩාව ද බලපත්‍ර නොමැතිව පවත්වාගෙන යන්නක් බවය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙකු සඳහන් කළේ ඉදිරියේදී මොවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery
ReeCha