හෙටින් පසුව සීනි වල මිලට වෙන දේ මෙන්න.

Sri Lanka Sugar price Janaka wakkubura
By Aruna Aug 29, 2021 09:24 AM GMT
Aruna

Aruna

Report

රාජ්‍ය අමාත්‍ය ජානක කියන කතාව පාරිභෝගිකයන්ට දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130ක පමණ මුදලකට ලබා ගැනීමේ හැකියාව හෙටින් (30) පසුව හිමිවන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ ලංකා සීනි සමාගමෙන් දුඹුරු සීනි කිලෝවක් රුපියල් 120ක මුදලකට සතොස සහ සමුපකාරවලට හෙට සිට නිකුත් කරන බවයි.

මේවන විට සුදු සීනි කිලෝවක් රුපියල් 220ක මුදලකට වෙළඳපොලේ අලෙවි වනවා.

මේ අතර තවදුරටත් රට වසා දැමීම ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එමඟින් මෙරට මිලියන 4 දශම 5ක් පමණ වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයිවන් තවදුරටත් පීඩාවට පත්වන බවයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තවදුරටත් රට වසා දැමීම ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන බවයි.

ඉන් මෙරට සාර්ව ආර්ථික මූලධර්මවලට දැඩි බලපෑමක්ද එල්ල වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නිරෝධායන ඇඳිරිනීතිය පැවතුනද අත්‍යවශ්‍ය සේවා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකියාව පවතිනවා.

ඒ අනුව දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා පමණක් අද දිනයේත් විවෘතව කෙරුණා

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha