තවත් දිස්ත්‍රික්කයකින් හදිස්සියේම කොවිඩ් පොකුරක් ?
කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි 100 දෙනෙකුට අද (07) සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂණවලින් පුද්ගලයන් 6 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
එමෙන්ම කොල්ලුපිටිය, මරදාන හා කොම්පඤ්ඤවීදිය ප්‍රදේශවල මුඛ ආවරණ පැළඳ නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගත් 50 දෙනෙකු ද එම ස්ථානයට රැගෙනවිත් ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවට ලක් කෙරුණි.
එහිදි කොල්ලුපිටිය ප්‍රදේශයෙන් රැගෙන ආ තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අතර සෞඛ්‍ය බලධාරින්ගේ අවසරයකින් තොරව පසුගිය දෙසැම්බර් 29 වැනිදා කෑගල්ලේ නිවසක පැවැත්වු දානමය පිංකමකට සහභාගි වු 21 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
මෙම දානමය පිංකමට සහභාගි වු සිව්දෙනෙකුට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම නිසා සිදුකළ PCR පරික්ෂණයෙන් ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගැනුණි.
ඒ අනුව සෙසු පිරිස PCR සහ ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවට යොමු කිරිමේදි ද ඔවුන්ගෙන් තවත් 17 දෙනෙකුටත් වෛරසය ආසාදනය වි ඇතැයි සොයා ගැනුණි.
මෙම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් දෙදෙනෙකුටත් ඊයේ කොවිඩ් ආසාදනය වි ඇති බවට හඳුනාගත් බව ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සඳහන් කළහ.
මේ අතර ගාල්ල බන්ධනාගාරයේ ගැබිනි රැඳවියෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බවට තහවුරුවිමත් සමග සිදුකළ PCR පරික්ෂණ මගින් තවත් කාන්තා රැඳවියන් 34 දෙනෙකුටත් වෛරසය ආසාදනය වි ඇති බවට අනාවරණය වි තිබේ.
එමෙන්ම ගාල්ල බන්ධනාගාරයේ සේවයේ නියුතු කාන්තා නිලධාරිනියන් තිදෙනෙකුටත් වෛරසය ආසාදනය වි ඇති බවට PCR පරික්ෂණ මගින් තහවුරු වුණි.
ඒ අතර රත්නපුර මහ නගර සභාවේ සෞඛ්‍ය බලධාරින් විසින් අඟහරුවාදා දින මැණික්කොටුවේ සිටින මැණික් ව්‍යාපාරිකයින් PCR පරික්ෂණවලට රැගෙනයාමට පැමිණි අවස්ථාවේදි ව්‍යාපාරිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
කෙසේ වෙතත් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනි ලොකුපෝතාගම මහත්මිය සඳහන් කළේ මෙම ව්‍යාපාරිකයින් PCR පරික්ෂණවලට යොමුනොවිම හරහා දැඩි අවදානමක් මතුව ඇති බවය.
මේ අතර රත්නපුර ශික්ෂණ රෝහල තුළ කොවිඩ් වැතිරයාම වැළැක්වීම සඳහා එහි වාට්ටු පහක් තවදුරටත් වසාදමා පවතී.
ඒ පිළිබඳ ගන්නා ඉදිරි පියවර ගැන වැඩිදුර සාකච්ඡාවක්ද අද (07) සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී පැවැත්වුණි.
කෑගල්ල නගරයේ පෞද්ගලික මුල්‍ය සමාගමක කාර්යය මණ්ඩලය අතර සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂණවලින් ඊයේ (06) 10 දෙනෙකු ආසාදිත බව හඳුනාගැනිමත් සමග අද (07) එහි තවත් කණ්ඩායමක් පරික්ෂණ සඳහා යොමුකර තිබේ.
එහිදි තවත් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.