වර්ජනය අත්හිටුවයි- දුම්රිය ධාවනය සුපුරුදු පරිදි
Train
By Thaya
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වෘත්තීය ක්‍රියාමාර්ගයක් මීට සුළු මොහොතකට පෙර අත්හිටුවීමට අදාළ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇතැයි ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියරින් රියදුරු සංගමයේ ලේකම් .ඉන්දික දොඩන්ගොඩ මහතා පවසයි. අදාළ කරුණු සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙ.ව.11.30ට ප්‍රවාහන අමාත්‍යාංශයේදි සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එහිදී අදාළ ව්‍යාපෘති සමාලෝචනය කිරිමට විශේෂ කමිටුවක් පත්කිරීමට නියමිතය. එසේම දැනට ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිත දුම්රිය ව්‍යාපෘති අත්හිටුවීම කෙරෙහි අවධානය යොමුකිරීමට බලාපොරොත්තුව වෙමු.