පරිසරය විනාස කරන්නන්ට තරාතිරම නොබලා දැඩි දඩුවම්?
පරිසරය විනාශ කරන්නේ ගම්වල ඉන්න අහිංසක ගැමියෝ නොව දේශපාලකයෝ ,ඉහළ ව්‍යාපාරිකයින් හා ජාවාරම්කාරයෝ පිරිසක් බැවින් එසේ පරිසරය වනසන පුද්ගලයින්ට කිසිසේත්ම ඉඩක් ලබා නොදෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙන බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
එම නිසා පරිසරය විනාස කරන්න කවුරු හෝ වේවා කටයුතු කරනවා නම් තරාතිරම නොබලා නීතියෙන් දඩුවම් ලබා දීමට පියවර ගන්නා බවද පරිසර ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැති රුක්රෝපණ වැඩ සටහනකට සහභාගි වෙමිණි.
පරිසර අමාත්‍යාංශය මගින් ඉදිිර වසර 04 තුළ පැළ මිලියන දෙකක් රෝපණය කිරීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කර තිබෙන හුස්ම දෙන තුරු වැඩ සටහනේ රජයේ මුදලින් පැළ බෙදා දීම ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීම එදින ආරම්භ විය.
අපි හුස්ම දෙන තුරු රුක් රෝපණ වැඩ සටහන ආරම්භ කරළා පැළ බෙදා දීම ආරම්භ කළා. නමුත් මෙතෙක් කල් අපි පැළ බෙදා දුන්නේ පුද්ගලික අංශයේ සහයෝගයෙන්.
නමුත් අපි අද දින අරඹන්නේ රජයේ මුදල්වලින් පැළ බෙදා දීම නිල වශයෙන් ආරම්භ කිරීම. හුස්ම දෙන තුරු කියන්නේ පැළ සිටුවා ඒවා පිලිබඳ සොයා නොබලා සිටින වැඩ සටහනක් නොවෙයි. අපි සිටුවන හැම පැළයක්ම වැඩෙන තෙක් රැකබලා ගැනීමට කෙනෙක් අපි පත් කරනවා.
අද පරිසරය විනාශ කිරීම් පිළිබඳව වාර්තා වෙනවා. පරිසරය රැක ගැනීම හා සංවර්ධනය කියන්නේ අමාරු කාර්යයන් දෙකක්. ඇතැම් සමාජ මාධ්‍ය ජාලවල දැක්වෙන ආකාරයට නොවුනත් යම් පරිසර හානි කිරීම් වාර්තා වෙනවා. කොවිඩ් 19 වසංගත තත්ත්වයත් එක්ක ඉදිිරයේ දී ලෝක ආහාර අර්බුධයක් මතුවීමේ අවධානමක්
තිබෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ වගා කළ හැකි හැම බිමක්ම වගා කරන්න කියළා.
අද ආහාර බෝගවලට ඉහල මිලක් ලැබෙනවා. මේ නිසා මෙතෙක් වගා නොකර අත්හැර දමන ලද ඉඩම් රැසක් වගා කිරීමට එම ඉඩම්වල අයිතිකරුවෝ කටයුතු
කරනවා. සමහර ඉඩම් අවුුරුදු දහය, පහලොව අත්හැර තිබු ඉඩම් බව මම දන්නවා.ඒවා වගා කිරීමට කැළේ කපනවා. එතකොට සාමජ මාධ්‍ය ජාලවල ඡායාරූප
එක්ක පළ කරනවා වන විනාශයක් කියළා.
නමුත් පරිසර විනාශ විම් සිදු නොවනවා නොවෙයි. එවැනි සිදුවීම් සිදුවී තිබෙනවා.ඒවා පසුපස්සේ ඉන්නේ දේශපාලකයෝ, ව්‍යාපාරිකයෝ හා ජාවාරම්කාරයෝ. පරිසරය විනාශ කරන කවුරු වුනත් කමක් නෑ අපි ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා.යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා-පරිසර අමාත්‍යාංශය විසින් ඉදිරි කාලය තුළ ඉතාමත් සාර්ථක පරිසර සංරක්ෂණ වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. අපේ ඉළක්කය තමයි සංවර්ධන වැඩ කටයුතු කර ගෙන යන අතරතුර පරිසරය රැක ගන්නේ කොහොමද යන්න සාකච්ඡා කරමින් ඊට විසඳුම් සොයා ගනිමින් කටයුතු කිරීම. රටේ දැවන්ත සංවර්ධන ක්‍රියාදාමයක් ආරම්භ කිරීමට ජනාධිපතිතුමන්ට ලොකු අවශ්‍යතාවයක් තිබෙනවා.
අපි කටයුතු කරන්නේ එතුමන්ගේ ඒ බලාපොරොත්තුවට ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දීම. එම කටයුතුවල දී පරිසර අමාත්‍යාංශයත්, ඊට අනුබද්ධ
ආයතනත් මගින් අවශ්‍ය සහාය ලබා දීමට පියවර ගන්නා බවද පැවසුවේය.