බුදු දහම විකෘති කරන්නන්ට එරෙහිව දැඩි පියවර.
Religion
By Thaya
බුදු දහම විකෘති කරන පුද්ගලයින් හා කණ්ඩායම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බෞද්ධ උපදේශක සභාව තීරණය කර තිබේ. එහි සාමාජික අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි නාමියන් පැවසුවේ, ඇතැම් කණ්ඩායම් බුදු සමය, බෞද්ධ සංකල්ප හා බුද්ධ චරිතය සම්බන්ධයෙන් විවිධ මිත්‍යා මත ජනතාව අතර පතුරුවන බවයි. මෙය බුදු දහමේ චිරස්ථිතියට බලවත් තර්ජනයක් බව ද උන්වහන්සේ පෙන්වා දෙයි. ඒ අනුව අදාළ පාර්ශව සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී, ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ද ආණමඩුවේ ධම්මදස්සි හිමියන් ප්‍රකාශ කළේ ය.