රුසියානු දෙවන කෝටිපතියාට පමණක් වෙන්කළ අමුතු දුම්රිය හැටන් වලදී කැඩෙයි..

Hatton
By Thaya Mar 12, 2021 06:45 PM GMT
Thaya

Thaya

Report

රුසියාවෙන් මෙරටට සංචාරකයන් සදහා පැමිණ සිටින රුසියාවේ දෙවන කොටිපති ව්‍යාපාරියෙක් සහ ඔහුගේ පවුලේ සමාජිකයන් සංචාරක මණ්ඩලයේද අනුමැතියෙන් වයිස්රොයි දුම්රියෙන් (10) දින කොළඹ කොටුව සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරිමට දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් මුදල් ගෙවා එම දුම්රිය වෙන්කරගෙන ඇත.

වාෂ්ප එන්ජිම සහිත වයිස්රොයි දුම්රිය (10) දින නාවලපිටිය දුම්රිය ස්ථානයේ ගාල් කර (11) දින නාවලපිටිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අවස්තාවේ හැටන් දුම්රිය ස්ථානයට ආසන්නයේ වාෂ්ප එන්ජිම කාර්මික දෝෂයකට ලක්විය.

කාර්මික දෝෂයකට ලක් වු වයිස්රොයි දුම්රියේ වාෂ්ප එන්ජිම හැටන් දුම්රිය ස්ථානයේදි ගලවා ඉවත් කර ඩිසල් එන්ජිමක ආධාරයෙන් රුසියානු ව්‍යාපාරිකයා සහ ඔහුගේ පවුලේ සමාජිකයන් රැගත් වයිස්රොයි දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරිණ.