මම සමාව ගන්නේ නැහැ, මම කීවේ ඇත්ත – රංජන් අධිකරණ භූමියේදී කියූ කතාව

Parliament
By Thaya Jan 13, 2021 06:36 PM GMT
Thaya

Thaya

Report

තමන් සත්‍ය කතා කළ බවත් කිසිදු අවස්ථාවක සමාව නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක ප්‍රකාශ කර සිටිනවා. අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අද වසර 04ක සිර දඬුවම් නියම කරනු ලැබුවා.

” මම කතා කලේ ඇත්ත. ඒ ගැන මොනම අවස්ථාවකදීවත් සමාව ඉල්ලන්නේ නැහැ. මම කාගෙන්වත් හොරකම් කරලා නැහැ . දේවල් කඩා වඩා ගෙන නැහැ” යැයි මන්ත්‍රීවරයා අධිකරණයේ සිට බන්ධනාගාර බස් රථය දක්වා රැගෙන යමින් සිටි අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියේ මේ අයුරින්