මැතිවරණ නීති කඩන කතා එපා’- මැ.කො. ජනපතිට ලියයි

Election Commission of Sri Lanka Anura Dissanayake Presidential Secretariat of Sri Lanka Sinhala news
By Mithu Apr 18, 2025 08:21 AM GMT
Mithu

Mithu

Report

මැතිවරණ නීති උල්ලංඝණය වන දේශපාලන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි සඳහන් කරමින් මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබේ.

කට්ටිය හොඳටම කලබල වෙලා! - කව්රු මොනවා කිව්වොත් පාස්කු ප්‍රහාරට පිල්ලෙයාන් සම්බන්ධයිලූ.. - ඇමති සහතික දෙයි!

කට්ටිය හොඳටම කලබල වෙලා! - කව්රු මොනවා කිව්වොත් පාස්කු ප්‍රහාරට පිල්ලෙයාන් සම්බන්ධයිලූ.. - ඇමති සහතික දෙයි!

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසමට කළ පැමිණිලි පදනම් කරගෙන මෙම ලිපිය යොමුකර ඇති බව එම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩු බලය හිමි ජාතික ජන බලවේගයට පළාත් පාලන මැතිවරණයේදී බලය හිමි නොවන ආයතනවලට ප්‍රතිපාදන වෙන් නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක දේශපාලන වේදිකාවලදී ප්‍රකාශ කිරීමෙන් මැතිවරණ නීති උල්ලංඝණය වී ඇති බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මෙසේ පැමිණිලි කර තිබිණි.

එම ප්‍රකාශයේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පනතේ 82සී (අනිසි බලපෑම්) සහ 82 ඩී (උපරිම වාසි පොරොන්දු කිරීම්/දීමනා) වගන්තිවල පැහැදිලි නීති උල්ලංඝණ යක් බව නිරීක්ෂණ සංවිධාන පෙන්වා දී තිබේ. ජනාධිපතිවරයා සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු නොවන අතර මුදල් පැවැරුම් සම්බන්ධයෙන් තීරණය කෙරෙන පරිදි බලය ඇත්තේ ඔහු වෙත බව ත් එම නිසා මෙවැනි ප්‍රකාශ වඩාත්ම නීති විරෝධී ජාතික මට්ටමේ බලපෑමක් ඇති කරන බව ත් එහි දැක්වේ.

රට කාලා රටින් පලා ගිය ගෝඨාගේ සෙනෙහස (PHOTOS)

රට කාලා රටින් පලා ගිය ගෝඨාගේ සෙනෙහස (PHOTOS)

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවරකට යෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35-1 වගන්තිය මගින් අවහිර කර ඇති බැවින් මැතිවරණ කොමිසම මෙසේ ජනාධිපතිවරයාට ලිඛිතව දැනුවත් කර ඇතැයි එම කොමිසම් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

බුකිය කැලඹු නිලන්ති කොට්ටහච්චිගේ ෆේස්බුක් පොස්ට් එක මෙන්න! (PHOTOS)

බුකිය කැලඹු නිලන්ති කොට්ටහච්චිගේ ෆේස්බුක් පොස්ට් එක මෙන්න! (PHOTOS)

“යම් තැනැත්තෙකු ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිවරයා ලෙස ධූරය දරන අවස්ථාවකදී ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහිලා හෝ නිල තත්ත්වයෙහිලා කරන ලද හෝ නොකරන ලද ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවැරීම හෝ පවත්වාගෙන යෑම නොකළ යුත්තේය” යනුවෙන් එහි සඳහන් වේ.

ReeCha