බොරු වට්ටම් දෙන බවට ප්‍රචාරය කළ වෙළෙඳසල් 36ක් වටලයි

Report

වට්ටම් සහිත බව හැඟවෙන පාරිභෝගිකයා නොමඟ යැවෙනසුලු ප්‍රචාර ඇතුළත් රෙදිපිළි වෙළෙඳසල් 36ක් පෙරේදා (08දා) වැටලීම් සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

රෙදිපිළි වෙළෙඳසල්වල වට්ටම් සහිත බව හැඟවෙන අසත්‍ය ප්‍රචාරණ වැටලීම් වඩාත් තීව්‍ර කර ඇති බවත් ඇතැම් වෙළෙඳසල්වල 20% , 50% වට්ටම් සහිත බවට සඳහන් වුවද එවැන්නක් නොලැබෙන බවට නිරීක්ෂණය වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්. තිලකරත්න බණ්ඩා මහතා ‘මව්බිම’ ට පැවැසීය.

අලුත් අවුරුද්දේ පොලිසියට සම්මාදන්, ජෝගී බෑ

අලුත් අවුරුද්දේ පොලිසියට සම්මාදන්, ජෝගී බෑ

උත්සව සමයේදී පාරිභෝගිකයාගෙන් අයථා ලෙස මුදල් අය කරගැනීම් සිදුවෙතැයි සිතන අංශ කෙරෙහි වැටලීම් වැඩි කර ඇති බව බණ්ඩා මහතා කීවේය. ඒ අනුව රෙදිපිළි වෙළෙඳසල්, දුර ගමන් බස් රථ නතර කරන ආහාර අලෙවි ස්ථාන විශේෂ පරීක්ෂා කිරීම් සිදුකරන බව ඔහු කීවේය.

විශාල වශයෙන් වට්ටම් ලබාදෙන පුවරු සවිකර තිබුණද එම වට්ටම නිශ්චිතව ලබාදෙන අයිත්තම සඳහන් නොවීම පාරිභෝගිකයා නොමඟ යැවීමේ වරදක් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය. භාණ්ඩ මිලදී ගැනීමේදී වෙළෙඳසල්වලින් බිල්පතක් ඉල්ලා ගැනීම පාරිභෝගික අයිතියක් බවත් නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය වඩා පහසුවන බව හෙතෙම ප්‍රකාශ කළේය.

මේ අතර සහල් ඇසුරුම්වල සලකුණු කරන ලද බරට වඩා අඩු බරක් පවතී නම් එවැනි වරදකට ලක්‍ෂයක් දක්වා අවම දඩයක් නියම කිරීමේ හැකියාවක් හැකි බව හෙතෙම අවධාරණය කළේය.

හිටපු ජනපති කෙනෙක්ටත් සිතාසි යවයි කියලා හිතුවද.නීතිය සැමට සමානයි ජනපති අනුර කියයි

හිටපු ජනපති කෙනෙක්ටත් සිතාසි යවයි කියලා හිතුවද.නීතිය සැමට සමානයි ජනපති අනුර කියයි

පාරිභෝගිකයා සේවා අධිකාරි පනත අනුව එවැනි සහල් ඇසුරුම්කරුවන් උපරිම මිල සීමාවට වඩා අලෙවි කරන බවත්, පාරිභෝගිකයා නොමඟ යැවීමක්ද සිදුවන බව තිලකරත්න බණ්ඩා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.