මංගල උත්සව ඇතුළු සියලු උත්සව නතර කරන දිනය මෙන්න.(VIDEO)
Covid
Wedding
Shavendra silwa
All celibration
By Aruna
මංගල උත්සව ඇතුළු සියලු උත්සව එළඹෙන සඳුදා දිනයෙන් පසු සති දෙකක කාලයක් තුළ පැවැත්වීම තහනම් කර තිබේ.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.
මේ අතර පවතින අවදානම් තත්වය සැලකිල්ලටගෙන කඩිනමින් සමස්ථ රටම අගුලු දැමීමකට හෝ සංචරණ සීමා පැනවීමකට ලක්කරන ලෙස ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විතයේ බිම් මට්ටමේ තත්වය එතරම් සුබවාදි නොවන බවයි ඔවුන් අවධාරණය කළේ.
හදුනාගන්නා කොවිඩ් ආසාධිතයින්ගේ සංඛ්‍යාව වර්ධනය වීමත් සමග රෝගීන් රෝහල් ගතවීම වෙනුවෙන් පොරොත්තු ලේඛණයේ අවස්ථාව පැමිණෙන තෙක් නිවෙස් වලට වී රැදී සිටින බවයි සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා.