කොටස් වෙළෙඳපොළ ඉහළ යයි

Report

කොටස් වෙළෙඳපොළ මිල දර්ශ‍කවල කැපීපෙනෙන යුතු ඉහළ යාමක් අද(09) දක්නට ලැබුණි.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 439.46කින් ඉහළ ගොස් ඒකක 22,034.32ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 77.47කින් ඉහළ ගොස් ඒකක 6,004.11ක් ලෙසින් සටහන් විය.

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

අද සමාගම් 197ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර කළම්බු ඩොක්යාර්ඩ්, සෙලින්කෝ හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව සහ ACL කේබල්ස් යන සමාගම් සියළු කොටස් මිල දර්ශකයට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි. අද ගනුදෙනු පිරිවැටුමෙහි අගය වාර්තා වූයේ රු. බිලියන 3.88 ක් ලෙසයි.

ඊසාන දිග මෝසම ස්ථාපිත වෙයි - පළාත් හයකට අනෝරා වැස්සක්

ඊසාන දිග මෝසම ස්ථාපිත වෙයි - පළාත් හයකට අනෝරා වැස්සක්