සති කිහිපයකට පසු අද කඩා වැටුණු කොටස් වෙළඳපොල... හෙටත් කඩා වැටෙන ලකුණු!!
සති දෙකකට අධික කාලයක් දිගටම ඉහල ගිය කොළඹ කොටස් වෙළඳපොල අද දිනයේදී නොසිතු පරිදි තරමක් පහත වැටී තිබෙනවා. සියලු කොටස් මිල දර්ශකය සියයට 1.96කින් පහත වැටුණු අතර එය ඒකක 162.11 කඩා වැටීමක් වනවා. ඒ අනුව අද දවසේ කොටස් වෙළඳපොල ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය 8,113.26 ලෙස වාර්තා වුනා. එමෙන්ම අද දවසේ දී එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ද ගනු දෙනු අවාසනයේ දී පහත වැටී තිබු අතර එහි අගය දැක්වුණේ 3,227.66ක් ලෙසයි. එය 2.32% පහත වැටී තිබු අතර ඒකක 76.64ක් ලෙස වාර්ථක වුනා. කොළඹ කොටස් වෙළඳ පොළ අද දිනයේ දී පහත වැටුන ද සමාගම් රැසක කොටස් හුවමාරුව ධනාත්මක වුනා. ඒ අනුව කොටස් මිලියන 142ක් හුවමාරු වී ඇති අතර වෙළඳ පොළ සමස්ත පිරි වැටුම අද දවසේ දී වාර්තා වුනේ රුපියල් බිලියන 4.8 කට ආසන්නයි.
අද දිනය තුල සුපිරි ගණුදෙනු සමාගම 10 අතරට බ්ලු ඩයමන්ඩ් සමාගම, හයික්‍රබ් සමගම, සෙරෙන්ඩිබ් ලෑන්ඩ් සමාගම, සිලෝන් ප්‍රින්ටෙර්ස් සමාගම, සලිමර් සමාගම, සිලෝන් ග්‍රීන් එලෙවෙටර්ස් සමාගම, ගෙස්ටේනෙර් සමාගම, පරගොන් සිලෝන් සමාගම, ඇනිලෙනා හෝටල් සමගම දන්කොටුව පොර්සේලා සමාගම යනාදිය පත් වුනා. මේ අතර එස්.එම්.බී ලීසිං සමාගම් 02, ටෙස්ටා ඇග්රෝ සමාගම, හරිස්චන්ද්‍ර මිල්ස් සමාගම, ලංකා සෙරමික් සමාගම, මහවැලි රිසේර්ච් හෝටල් සමාගම, රෝයල් සෙරමික් සමාගම, එල්.බි ෆිනෑන්ස් සමාගම, නන්ද ඉන්වෙස්ට්මෙන්ට් සමාගම, රම්බොඩ ෆෝල්ස් සමාගම යනාදිය අද දින කඩා වැටුණු සමාගම් 10 අතරට එක වුනා. මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳපොළේ සමාගම් ගණනාවකම කොටස් මිල ගණන් කෙටි කලක් ඇතුළත සීඝ්‍රයෙන් ඉහළ යාමට තුඩුදුන් එක් කාරණයක් ලෙස Shares sub-division හෙවත් කොටස් අනුබෙදුම් ප්‍රකාශයට පත්කිරීම හැඳින්වුවහොත් එය වරදක් නොවේ. මක් නිසාද යත් වෙන කවර කාලයකටත් වඩා පසුගිය දින කිහිපය තුළ සමාගම් රැසක්ම එම පියවර අනුගමනය කිරීමට තීරණය කර ඇති බැවිනි.
මේ අනුව Shares sub-division හෙවත් කොටස් අනුබෙදුම් සිදුකිරීමට තීරණය කර ඇති නවතම සමාගම ලෙසින් ෂන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී පසුගිය සිකුරාදා (05) දිනයේ දී කියා සිටියේ, තම සමාගමේ එක් කොටසක්, කොටස් 3 ක් බවට බෙදීයන බවයි. සරලව කිවහොත් මේ වන විට ෂන්ෂයින් හෝල්ඩිංග්ස් හි එක් කොටසක් ඇති කොටස්කරුවකුගේ එම කොටස, කොටස් 3 ක් බවට පරිවර්තනය වේ. මෙයාකාරයෙන් 2021 වසරේ මේ දක්වා එවැනි කොටස් අනුබෙදුම් ප්‍රකාශයට පත්කළ සමාගම් සහ එය සිදුවන ආකාරය පහත පරිදි දැක්විය හැකිය.