කොළඹට එන අත්‍යවශ්‍ය සේවා වාහනවල වර්ණ 11ක ස්ටිකර් ඇලවීම ඇරඹේ
colombo
ajith rohana
sticking sticker
essential service
eleven colors
By Sewvandhi
අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුලුවන සේවකයන් හඳුනාගැනීමට අද (07) සිට නව ක්‍රමවේදයක් අනුගමනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
ඒ අනුව, සංචරණ සීමා පවතින කාලසීමාව තුල කොළඹට ඇතුළු වන වාහන සඳහා නව ස්ටිකරයක් හඳුන්වාදීමට නියමිතයි.
එය අතවශ්‍ය සේවා කාණ්ඩ අනුව වර්ණ 11 කින් සමන්විත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
එලෙස හඳුන්වාදී ඇති නව ක්‍රමවේදය ඔස්සේ නම් කරන ලද රථ වාහන වෙනත් කටයුතු සඳහා භාවිතා කරන්නේ නම් ඊට එරෙහිව නිතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
